28 C
Colombo
Friday, February 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකොට්ටහච්චිගේ කට වැසූ මාලිමාව

කොට්ටහච්චිගේ කට වැසූ මාලිමාව

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසන්නේ පසුගියදා මාධ්‍ය හරහා සිදුකළ මතභේදාත්මක ප්‍රකාශවලින් පසුව, පක්ෂයෙන් තමන්ට මාධ්‍ය වෙත ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙස උපදෙස් ලබා දී ඇති බවයි.

ඇය මේ බව පැවසුවේ පසුගිය 16 වැනිදා කෙසෙල්වත්ත, ගිම්පතහි පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

“මට කණගාටුයි, මාධ්‍යයට කතා නොකරන ලෙස පක්ෂයෙන් මට උපදෙස් ලැබී ඇති නිසා මට මාධ්‍යයට කිසිදු අදහසක් පළ කළ නොහැකියි” යැයි ඇය ප්‍රකාශ කළාය