31 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර 4ක සිරදඬුවමක්

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර 4ක සිරදඬුවමක්

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වව්නියාව මහාධිකරණය විසින් අද (20) වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ. ඔහුට විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු මුල් අවස්ථාවේදී මුදාහැරි බවට චෝදනා එල්ල වී තිබිණි.

එමෙන්ම රුපියල් 50,000ක දඩයක්ද ඔහුට නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් තවත් මාස 6ක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක්ද නියම කර තිබේ.

2015 වසරේදී යාපනයේ පාසල් සිසුවියක වන සිවලෝගනාදන් විද්‍යා පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කරනු ලැබීය. මෙම ඝාතන චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් හත් දෙනෙකුට යාපනය මහාධිකරණය විසින් මේ වනවිට මරණීය දණ්ඩනය නියම කර ඇත.