25.6 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගෙන් අනුරට තද ටොක්කක්

සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගෙන් අනුරට තද ටොක්කක්

මෙවර මහ කන්නයේ මිලදී ගැනීමට නියමිත වී මෙටි්‍රක් ටොන් මිලියන 26ක් වෙනුවෙන් රුපියල් බිලියන 325ක් අවශ්‍යව ඇතත් රජය ඒ සඳහා රුපියල් බිලියන 05ක් වෙන්කර තමනට ‘පාට්’ දමන බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.

කොළඹ පැවැති උත්සවයකදී මෙවර අයවැය පිළිබඳව අදහස් දක්වමින් ඩඩ්ලි සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

ඩඩ්ලි සිරිසේන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, “මෙවර අයවැයෙන් පොහොර සඳහා මිලියන 35,000ක් වෙන් කර තිබෙනවා. 1994 දී බලයේ සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියත් ඒ කාලයේ පොහොර සඳහා රුපියල් මිලියන 42,000ක් වෙන් කරා.”

“සහල් මිල අඩු නොකිරීමේ ‘මාෆියාව’ අපි කියලා තමන්ගේ නොහැකියාව වසාගන්න ඔවුන් ක්‍රියාකරනවා. මම හිටපු ජනාධිපතිවරයකුගේ මල්ලි කෙනෙක්. මම දන්නවා වැඩ වෙන විදිහ. හැම දේශපාලකයාටම අවශ්‍ය රටේ ප්‍රශ්න විසඳීමට නෙවෙයි.”

“අද පොලුත් නෑ කන්න හාලුත් නැහැ එළවළුත් නෑ අපිට ‘මාෆියාව’ කිය කියා ඉන්නවා. අද රුපියල් 30,000ට වැඩ කරන්න මිනිස්සු නැහැ. බජට් එකක මේ ගැන කතා කිරීම මෝඩ කමක්. වී මෙටි්‍රක් ටොන් මිලියන 26ක් කිලෝවට රුපියල් 125ක් බැගින් මිලදී ගන්න රුපියල් බිලියන 325ක් වැය වෙනවා. රජය එයට බිලියන 05ක් වෙන් කරලා අපිට ‘පාට්’ දැමීම හරිද,” යැයි ඔහු ප්‍රකාශ කළේය.