32.8 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජරට කුලපති හිමියෝ ඉල්ලා අස්වෙති

රජරට කුලපති හිමියෝ ඉල්ලා අස්වෙති

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පසුගිය 10 වනදා ස්වාමීන් වහන්සේ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස පත්කර තිබුණි. ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් ජනාධිපති ලේකම් වෙත ලිපියක් යොමු කරමින් සිය ඉල්ලා අස්වීම දැනුම්දී ඇත.

තමන් වහන්සේ බාරගත් කුලපති ධුරය යම් පාර්ශ්වයක සිත් තැවුලකට හෝ බේදකාරී මත ගොඩනැගීමට, සංඝ සමගිය බිඳවැටීමට හේතු වන්නේ නම් එම තනතුරට වඩා අප අතර පවතින සංඝ සාමග්‍රිය උතුම් කොට සලකමි යනුවෙන් උන්වහන්සේ සිය ඉල්ලා අස්වීම් ලිපියේ දක්වා ඇති බව වාර්තා වෙයි.