31 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපාතාල කණ්ඩායම් ගැටුම් ගැන ජනපති කියූ කතාව

පාතාල කණ්ඩායම් ගැටුම් ගැන ජනපති කියූ කතාව

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දළදා මාලිගාව වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත පැවසූ අන්දමට රට තුළ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක් නොමැත.

පාතාල කණ්ඩායම් අතර එකිනෙකා අතර ගැටුම් නිර්මාණය වී තිබෙන බවත් එය මහජනයාගේ ආරක්ෂාවට තර්ජනයක් වී නැතැයි ද ජනාධිපතිවරයා සදහන් කළේය.

මෙම පාතාල කල්ලි වසර ගණනාවක් තිස්සේ වර්ධනය වූ ඒවා බවත් මේ වනවිට ඔවුන් අතර පවතින ගැටුම් කිසියම් හස්තයක් විසින් මෙහෙයවන්නේ දැයි කියා සොයා බලන බවත් දැනටමත් ඒ සම්බන්ධයෙන් පියවර ගෙන ඇතැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.