ලෝකයේ මහාද්වීප හතේ උසම කදු මුදුන් තරණය කිරීම අභියෝගයක් බවට පත් කර ගත් ශ්‍රී ලාංකික කදු නැගීමේ ශූර යොහාන් පීරිස්, ලෝකයේ තවත් උසම කදු මුදුන් දෙකක් තරණය කිරීමෙන් අනතුරුව 02/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
යොහාන් පීරිස් මෙවර ඇන්ටාටිකාවේ වින්සන්ට් කදු මුදුන සහ දකුණු ඇමෙරිකාවේ, ආජෙන්ටිනාවේ ඇකන්කගුවා කදු මුදුන තරණය කිරීමෙන් අනතුරුව මෙසේ යළිත් මෙරටට පැමිණ තිබුණි.
ඒ අනුව මේ වනවිට ආසියා මහාද්වීපයේ එවරස්ට්, අප්‍රිකා මහාද්වීපයේ කිලිමැන්ජාරෝ, ඕස්ට්‍රේලියා මහාද්වීපයේ කොසිඩස්කෝ, යුරෝපා මහාද්වීපයේ එල්බ්‍රෙස්, ඇන්ටාටිකා මහාද්වීපයේ වින්සන්ට් සහ දකුණු ඇමෙරිකාවේ ඇකන්කගුවා යන කදු සාර්ථකව තරණය කිරීමට යොහාන් පීරිස් සමත් වී තිබේ.
ඔහුට තවත් ඉතිරි වී පවතින්නේ ඇලෙස්කා මහාද්වීපයේ ඩිනාලී කදු මුදුන තරණය කිරීමට බවත්, තමන් ඒ සදහා එළඹෙන මැයි මාසයේ මෙරටින් පිටත්ව යන බවත්, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි යොහාන් පීරිස් සදහන් කළේය.
ලෝකයේ මේ වනවිට මේ ආකාරයට ලොව උසම කදු මුදුන් 07 ම තරණය කළ පුද්ගලයන් 400 ක් සිටින බව ද යොහාන් පීරිස් සදහන් කළේය.
යොහාන් පීරිස් 02/24 දින අලුයම 02.20 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහු පිළිගැනීමට ඔහුගේ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.