මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම වලක්වාලීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම්, එම තත්ත්වය නතර කිරීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ඉදිරිපත් කරන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
කොළඹදී පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ඔහු, මෙම යෝජනාවට පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ කිරීමට විරුද්ධ සියලු මන්ත්‍රීවරුන් සහය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළේය.


