ශ්‍රී ලංකාවට ආවේණික පළමු වවුල් විශේෂය ලෝකයට හඳුන්වා දීමට කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය තාරක කුසුමින්ද ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් සමත් වී තිබේ.
“ශ්‍රී ලංකා පත්නැහැ වවුලා” ලෙසින් හඳුන්වන මෙම වවුල් විශේෂය, මෙරට සත්ව නාමාවලියට එක් කොට ඇති අතර, එය Hipposideridae කුලයට අයත් වේ.
මෙම අධ්‍යයනය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයනාංශයේ විශ්‍රාමික මහාචාර්ය විපුල යාපා, චාමර අමරසිංහ, සහන් සිරිවර්ධන, රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය කනිශ්ක උකුවෙල, රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්ය අමානි මාන්නක්කාර ඇතුළුව ඉන්දියානු හා තායිලන්ත පර්‍යේෂකයන් කණ්ඩායමක් සහභාගි වී ඇත.


