31.1 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශේෂ නිවේදනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශේෂ නිවේදනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පවසන්නේ, ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත දුෂ්කර ප්‍රතිසංස්කරණ සියල්ල පසුගිය වසර දෙක තුළ සාර්ථකව සම්පූර්ණ කර ඇති බවයි.

2023 මාර්තු 20 වැනිදා ශ්‍රී ලංකාව සමඟ අත්සන් තැබු වසර 04ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 03ක් පමණ වන අතර, එහි පළමු, දෙවැනි සහ තෙවැනි වාරිකයන් දැනටමත් ලබා දී ඇත.

වොෂින්ටන් නුවරදී පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවේදී, 04 වැනි වාරිකය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 334ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට අනුමැතිය ලබා දී ඇත.

පසුගිය වසරේ සියයට 05ක ආර්ථික වර්ධන ඉලක්කය කරා යෑමට සමත් වීම නිසා, බෲවර් මහතා අනාගතයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වර්ධනය සිදු වනු ඇතැයි අපේක්ෂා කරයි. තවද, මේ සඳහා රටේ සියලු පාර්ශවයන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බවද සඳහන් කළේය.