30 C
Colombo
Thursday, March 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතරුෂි සහ උෂාන්ට ඇමරිකාවේදී පළමු තැන

තරුෂි සහ උෂාන්ට ඇමරිකාවේදී පළමු තැන

ඇමරිකාවේ බර්මින්හැම්හිදී පැවැති 2025 ගෘහස්ථ ධාවන පථ සහ පිටිය ශූරතාවලියේදී මීටර් 800 කාන්තා ඉසව්වේ පළමු ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් වූවාය.

තරුෂි සිය ට්‍රලේන් විශ්වවිද්ල‍ය නියෝජනය කරමින් තරග කළ අතර මූලික වටයේ මිනිත්තු 2යි තත්පර 11.90ක කාලයක් වාර්තා කරමින් අවසන් තරගයට පැමිණි අතර අවසන් තරගයේදී මිනිත්තු 2යි තත්පර 6.99ක කාලයක් සමගින් ජයග්‍රහණය තහවුරු කළාය. එය තරුෂිගේ තරග වාරයේ හොඳම කාලය ද වෙයි.

තවද ශ්‍රී ලංකා ජාතික ශූර උෂාන් තිවංක ද ඇමරිකාවේ සවුත්ලන්ඩ් තන්ගාරන්ස් ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී පිරිමි උස පැනීමේ ඉසව්වෙන් පළමු තැන දිනා ගත්තේය. එය උෂාන්ගේ තරග වාරයේ හොඳම දක්ෂතාව ලෙස මීටර් 2.15ක් වාර්තා කළේය.