28.4 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකෝලිට වඩා සල්ලි හොයන 4ක් ආචර් කෝටි 9 පන්නයි

කෝලිට වඩා සල්ලි හොයන 4ක් ආචර් කෝටි 9 පන්නයි

අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී විරාත් කෝලිට වඩා වැඩි මුදලක් උපයන ක්‍රීඩකයින් හදුනා ගැනෙයි. ඒ අතර එංගලන්ත ක්‍රීඩකයන් සිවුදෙනකු සිටිති. ලොව පුරා වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ ෆෝබ්ස් සඟරාව නම් කළ 100 දෙනාගේ ලැයිස්තුවට අනුව ඉන්දීය ක්‍රිකට් නායකයා 66 වන ස්ථානයේ සිටින අතර ඒ සියලු අංශ වලින් ලබන ආදායම අනුව වේ.

විරාත් කෝලී ඉන්දීය ක්‍රිකට් ආයතනය සමග අත්සන් කළ වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුවෙන් කෝටි 7ක ආදායමක් උපදවා ගැනීමට සමත් වේ. 2018 සිට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් කෝලි සෑම වසරකම කෝටි 17ක් උපයන බැවින් කෝලි වැඩිම මුදලක් අය කරන අයිපීඑල් ක්‍රිකට් ක්‍රීඩකයා වේ. ඒ හැරුණු විට ලොව පුරා ඔහුගේ අතිමහත් ජනප්‍රියතාව හේතුවෙන් ඔහුට වෙළෙඳ නාම සම්බන්ධ ගනුදෙනු කිහිපයකින් වාර්ෂිකව කෝටි ගණන් මුදල් ඉපැයීමට කෝලි සමත්ව සිටී.

තම රටේ ක්‍රිකට් ආයතනයෙන් ගෙවන කොන්ත්‍රාත් මුදල අනුව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් වේග පන්දු යවන ජොෆ්ර ආචර්ට රුපියල් කෝටි 9.39ක වාර්ෂික ආදායමක් හිමි වේ. කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර්ට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් රුපියල් කෝටි 9ක මුදලක් ගෙවනු ලබන බව සඳහන් වේ.

එංගලන්තයේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ කොන්ත්‍රාත්තුවට අනුව වාර්ෂිකව රුපියල් කෝටි 8.75ක වාර්ෂික ආදායමක් ලබයි.

එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට්ට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ කොන්ත්‍රාත්තුවට අනුව රුපියල් කෝටි 7.22ක වාර්ෂික ආදායමක් ලබන බව වැඩිම ආදායමක් ලබන ක්‍රිකට් ක්‍රීඩක ලැයිස්තුවේ සඳහන් වේ.

ප්‍රින්ස් ගුණසේකර