30 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගණේමුල්ල සංජීව සිද්ධියට අදාළ නඩුව අද

ගණේමුල්ල සංජීව සිද්ධියට අදාළ නඩුව අද

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 9 දෙනා සම්බන්ධ නඩුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ අද (07) කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කර තිබේ.

බන්ධනාගාරගත කර සිටින අදාළ සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ඒමේදී මතුවිය හැකි අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ. මෙම නියෝගය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් අධිකරණයේ ලේඛකාධිකාරීවරිය වෙත නිකුත් කර ඇත.

ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අධිකරණයේ ලේඛකාධිකාරිවරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ටද දැනුම්දී තිබේ.