26.7 C
Colombo
Thursday, August 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපිලිපීනයේ හිටපු ජනාධිපති අත්අඩංගුවට

පිලිපීනයේ හිටපු ජනාධිපති අත්අඩංගුවට

පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයෙකු වන රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට ගෙන තිබේ.

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක් ලැබුණු බව පිලිපීන රජය ප්‍රකාශ කිරීමෙන් පසු හොංකොං සිට පැමිණි හිටපු ජනාධිපතිවරයා මැනිලා ගුවන් තොටුපළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඩුටර්ටේ සිය ධුරයේ සිටි කාලය තුළ, පුළුල් හා කුරිරු මත්ද්‍රව්‍ය විරෝධී මර්දනයකට නායකත්වය ලබා දී ඇති අතර පොලිස් දත්ත වලට අනුව, 6,000 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් ස්වාධීන නිරීක්ෂකයින් විශ්වාසය පළ කර ඇත්තේ ඩුටර්ටේගේ නීති විරෝධී ඝාතන සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවය.

මේ සම්බන්ධව මින් පෙර අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා තිබුණේ තමන් අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවට පළ වූ වාර්තාවලට අනුව තමන් සිරගෙට යාමට පවා සූදානම් බවයි.