28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යුවළක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යුවළක් අත්අඩංගුවට

සීදුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (12) රාත්‍රියේ සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 568 මිලිග්‍රෑම් 220 ක් පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසිය පවසන පරිදි, මෙම යුවළ යතුරු පැදියකින් මෙම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියහ.

සැකකරු වයස අවුරුදු 31 ක් වන වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරිය වයස අවුරුදු 40 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වේ. සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරනු ලබයි.