25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅල්ලස් මුදලක් ලබාගත් තක්සේරු නිලධාරිනියක් අත්අඩංගුවට

අල්ලස් මුදලක් ලබාගත් තක්සේරු නිලධාරිනියක් අත්අඩංගුවට

රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබා ගත් තක්සේරු නිලධාරිනියක් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල, බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකරුගේ නමට ලියාපදිංචි කරන ලද සින්නක්කර ඉඩමකට අදාළ ඔප්පුව සඳහා රජයට අයවිය යුතු හිඟ මුද්දර ගාස්තුව අඩු කර සකස්කර දීමට, අවශ්‍ය කටයුතු සිදුකර දීම වෙනුවෙන් මෙම අල්ලස් මුදල ඇය විසින් ඉල්ලා තිබේ.

වයඹ පළාත් සභාවේ පළාත් අදායම් දෙපාර්තමේන්තුවේ සේවය කළ මෙම තක්සේරු නිලධාරිනිය, අදාළ අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (17) ඇය සේවය කරනු ලබන කාර්යාලයේ නිල මේසය අසලදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.