26.7 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාර්තු උද්ධමනයේ සැලකියයුතු වෙනසක්

මාර්තු උද්ධමනයේ සැලකියයුතු වෙනසක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය, 2025 පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට ඍණ 4.2 සිට 2025 මාර්තු මාසයේ දී සියයට ඍණ 2.6 ක් දක්වා ඉහළ ගොස් ඇත. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වර්තාවක මේ බව දැක්වේ.

ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට ඍණ 0.2 මට්ටමේ සිට 2025 මාර්තු මාසයේ දී සියයට 0.6 ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම 2025 පෙබරවාරි මාසයේ දී සියයට ඍණ 6.1 ක් ලෙස සටහන් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 මාර්තු මාසයේ දී සියයට ඍණ 4.1 ක් දක්වා වැඩි වී තිබේ.