26.7 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය සේවාවක්

අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය සේවාවක්

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන්ගේ පහසුව සඳහා ලබන 11 වැනිදා සිට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම විශේෂ දුම්රිය සේවය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කරන බවයි.

ලබන 11, 12 සහ 13 යන දිනවල කොළඹ සිට බදුල්ල, අනුරාධපුර, ගාල්ල, නුවර සහ බෙලිඅත්ත යන ප්‍රදේශ සඳහා විශේෂ දුම්රිය යෙදවීමට පියවර ගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සඳහන් කළ පරිදි, අවුරුදු චාරිත්‍ර අවසන් කර නැවත කොළඹ බලා පැමිණෙන ජනතාව වෙනුවෙන් ලබන 18, 19 සහ 20 යන දිනන්හිදී විශේෂ දුම්රිය ක්‍රියාත්මක කෙරේ.

මේ අතර, ලංකා ගමනාගමන මණ්ඩලය ද අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව සඳහා ලබන 09 වැනිදා සිට අතිරේක බස් රථ 500ක් යෙදවීමට සැලසුම් කර තිබේ.