26.7 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙන්න මේ දිනවල සුරාසල් වැසේ

මෙන්න මේ දිනවල සුරාසල් වැසේ

සිංහල – හින්දු අවුරුදු සමය උදෙසා දින තුනක් තුළ දිවයින පුරා සියලුම සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අප්‍රේල් 12 වැනිදා පෝය දිනයෙන් අනතුරුව, අප්‍රේල් 13 සහ 14 දිනවල සිංහල – හින්දු අලුත් අවුරුද්ද සමරනු ලබන අතර මෙම කාලය තුළ සුරාසල් වසා තැබීම ක්‍රියාත්මක වේ.

මීට අමතරව, සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර මහතා විසින් සුරාබදු ස්ථානාධිපතිවරුන්ට නිෂ්චිත උපදෙස් ලබා දී ඇති අතර, වසා තැබෙන දිනවල බලපත්‍ර නීති උල්ලංඝනය කරන සුරාසල් සම්බන්ධයෙන් නීතිය දැඩිව යෙදීමට අවශ්‍ය බව ඔහු අවධාරණය කර ඇත.