27.8 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑ‍ජාප ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක කර වායු බලාගාර ඉදි කරන්න

එ‍ජාප ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක කර වායු බලාගාර ඉදි කරන්න

වජිර අබේවර්ධන

මේ රටේ වායු බලාගාර ඉදි කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ ඉන්දියාව, ජපානය සහ චීනය යන රටවල් සමඟ ඇති කර ගත් ගිවිසුම් වහාම ක්‍රියාත්මක කර වායු බලාගාර ඉදි කිරීමට පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අභයාරාම විහාරස්ථානයේදී පෙරේදා (23) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

වජිර අබේවර්ධන මහතා මෙසේද පැවසීය.

“වර්තමානයේ පනවා තිබෙන නිරෝධායන ඇඳිරිනීතිය නිසා රට තුළ කොරෝනා ව්‍යාප්ත වීම මේ වනවිට යම්කිසි පාලනයකට පත්ව තිබෙනවා. රට වසා දැමීමෙන් ජීවිත විශාල ප්‍රමාණයක් ආරක්ෂා වන බව පැහැදිළිව පෙනී ගොස් තිබෙනවා.

එය ක්‍රම කිහිපයකට කරන්න පුළුවන්. එකක් තමයි පරිපාලනමය නිසියාකාර වැඩ පිළිවෙළක් නොමැති වුණාම වාහන නැවැත්වීම නිසා මේ කාලය තුළ ජනතාව තමන්ගේ පෞද්ගලික වාහනවලින් ගමන් කළා. ඒ අනුව තම අවශ්‍යතා ඉටු කරගත්තා. කෙසේ වෙතත් ජීවිත ආරක්ෂා වීම සිදු වුණා. ඒ ගැන එක්සත් ජාතික පක්ෂය හැටියට අප සතුටු වෙනවා. විශේෂයෙන් අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුල සිටම ප්‍රකාශ කළේ අඩුම තරමින් සති දෙකක්වත් රට වසා දමන්න කියායි.

කොරෝනා පාලනය කිරීම සම්බන්ධව මෙම වැඩකටයුතු නිසියාකාරව, නියමිත වේලාවට සිදු නොකිරීම නිසා ජීවිත 11,000 ඉක්මවා ජාතියට අහිමි වුණා. මේ තත්ත්වය මත මීළඟ ඉදිරි පියවර කල්පනාවෙන් ගත යුතුව තිබෙනවා.”

ශිරෝමි අබයසිංහ