27 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගමේ ඉඳලා එන අයට දැනුම්දීමක්

ගමේ ඉඳලා එන අයට දැනුම්දීමක්

‍මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (16) දිනයේ ද බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේ සාමාන්‍ය කාල සටහන යටතේ අද බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවය.

හෙට (17) සිට ගම්බිම් බලා ගිය මගී ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේය.

මේ අතර කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ ගම්බිම් බලාගිය ජනතාවගේ අවශ්‍යතාව මත හෙට (17) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බවය.