28.4 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෝගන්ට ලක්ෂ 64ක දඩයක්

මෝගන්ට ලක්ෂ 64ක දඩයක්

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ඔයින් මෝගන් රුපියල් ලක්ෂ 64ක දඩ මුදලක් (ඉන්දීය රුපියල් ලක්ෂ 24) පැනවීමට අයිපීඑල් සංවිධායකයෝ තීරණය කරති. මුම්බායි ඉන්දියන්ස් පිල සමඟ අබුඩාබිහිදී පැවැති තරගයේදී අඩු පන්දු වාර වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් මෙම දඩු මුදල අය කෙරේ.

අයිපීඑල් ආචාර ධර්ම පද්ධතිය යටතේ කොල්කටා පිල මෙවර තරග වාරයේ මේ වරද සිදු කළ දෙවැනි අවස්ථාව මෙය බැවින් නායක මෝගන් ඒ පිළිබඳ වගකිව යුතු වේ. කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 6 බැගින් හෝ තරග ගාස්තුවෙන් සියයට 25ක දඩ මුදලක් පැනවෙන බව අයිපීඑල් සංවිධායකයන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මේ අතර, කොල්කටා පිල මෙවර තරග වාරය තුළ තව එක් වරක් එම වරද සිදු කළ හොත් නායක මෝගන්ට තරගයක තහනමක් පැනවෙනු ඇත.