31 C
Colombo
Wednesday, April 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅගමැතිට විපක්ෂනායකට කතානායකගෙන් ලිපි

අගමැතිට විපක්ෂනායකට කතානායකගෙන් ලිපි

වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විමර්ශන සිදුකිරීම සඳහා පත් කිරීමට නියමිත කමිටුවේ සාමාජිකයකු සඳහා නම් ලබාදෙන ලෙස කථානායක විසින් අගමැතිවරියට සහ විපක්ෂනායක වෙත ලිඛිතව දැනුම්දී තිබේ.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව පත් කෙරෙන අදාළ කමිටුව සඳහා අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂනායකගේ එකඟතාව මත සාමාජිකයෙකු පත්කළ යුතු වෙයි.

මෙම කොමිසම සඳහා සාමාජිකයින් තිදෙනෙකු පත්කළ යුතු අතර තවත් සාමාජිකයෙකු අගවිනිසුරුවරයා විසින් නම් කළ යුතුව ඇත.

කොමිසමේ අනෙක් ස්ථීර සාමාජිකයා වන්නේ පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයාය.