27.8 C
Colombo
Tuesday, March 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅගමැතිට විපක්ෂනායකට කතානායකගෙන් ලිපි

අගමැතිට විපක්ෂනායකට කතානායකගෙන් ලිපි

වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විමර්ශන සිදුකිරීම සඳහා පත් කිරීමට නියමිත කමිටුවේ සාමාජිකයකු සඳහා නම් ලබාදෙන ලෙස කථානායක විසින් අගමැතිවරියට සහ විපක්ෂනායක වෙත ලිඛිතව දැනුම්දී තිබේ.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව පත් කෙරෙන අදාළ කමිටුව සඳහා අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂනායකගේ එකඟතාව මත සාමාජිකයෙකු පත්කළ යුතු වෙයි.

මෙම කොමිසම සඳහා සාමාජිකයින් තිදෙනෙකු පත්කළ යුතු අතර තවත් සාමාජිකයෙකු අගවිනිසුරුවරයා විසින් නම් කළ යුතුව ඇත.

කොමිසමේ අනෙක් ස්ථීර සාමාජිකයා වන්නේ පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයාය.