27.8 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිපාති - අයියර් කොල්කටා දිනවති

ත්‍රිපාති – අයියර් කොල්කටා දිනවති

රාහුල් ත්‍රිපාති සහ වෙන්කටේෂ් අයියර්ගේ විශිෂ්ට පිතිහරඹයන් හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ අබුඩාබිහිදී පැවැති තරගය කඩුලු 7කින් ජය ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් පිල සමත් විය.

අයිපීඑල් තරගාවලියේ 34 වැන්න වූ මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් මුම්බායි පිල ලකුණු 155කින් නතර කළ කොල්කටා ක්‍රීඩකයෝ ඕවර 15.1කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමිනි.

මේ ජය සමඟ කොල්කටා පිල ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ සිට සිව්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි අතර, මුම්බායි පිල 4න් 6ට වැටිණි. මේ කණ්ඩායම දෙකම තරග 9කින් 4 බැගින් ජය ගෙන තිබේ.

කොල්කටා වෙනුවෙන් රාහුල් ත්‍රිපාති නොදැවී ලකුණු 74ක් රැස් කළේ පන්දු 42කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟිනි.

පන්දු 30කට මුහුණ දුන් අයියර් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 53ක් රැස් කළ අතර, දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 88කි.

පන්දු යැවීමේදී ජස්ප්‍රීට් බුම්රා කඩුලු 3ක් දවා ගත්තේය.

ක්වින්ටන් ඩි කොක් ලකුණු 55ක් රැස් කරමින් පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. නායක රෝහිත් ශර්මා ලකුණු 33ක් සහ කිරන් පොලාඩ් ලකුණු 21ක් ඉනිමට එක් කළ අතර, පන්දු යැවීමේදී ලොකී ෆර්ගියුසන් සහ ප්‍රසිද් ක්‍රිෂ්ණා කඩුලු 2ක බැගින් බිඳ දැමූහ. ඕවර 4කදී ලකුණු 20කට කඩුල්ලක් දවාගත් සුනිල් නරේන් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.