ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ ප්‍රබල ක්‍රීඩිකා චමරි අතපත්තු ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කාන්තා බිග් බෑෂ් ක්‍රිකට් ලීගයේ පර්ත් ස්කොචර්ස් ක්‍රීඩා සමාජයට එක් වීම උදෙසා පර්ත් නුවර බලා පිටත් වෙයි.
මීට පෙර මෙල්බර්න් රෙනේගේඩ්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකාව 2017 අයිසීසී කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බ්‍රිස්ටල්හිදී පැවති තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 178ක් රැස් කිරීමත් සමග ක්‍රිකට් ලොව වැඩි අවධානයක් යොමු වූවාය.
2019 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව උතුරු සිඩ්නි ඕවල් ක්‍රීඩාංගණයේදී විස්සයි20 අන්තර්ජාතික තරඟයකදී පන්දු 66 කදී ලකුණු 113ක් රැස් කිරීමට ද සමත් වූවාය. පර්ත් ස්කොචර්ස් කාන්තා ප්‍රධාන පුහුණුකරු ෂෙලී නිට්ෂ්කේ පැවසුවේ චමරි අතපත්තු තම කන්ඩායමට විහාල ශක්තියක් වනු ඇති බවයි.