අද (20) හයිලවල් මාර්ගයේ පිහිටි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ දී රත්‍රං ටී 56 ගිනි අවියක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. එහි ආරක්ෂක නිලධාරියකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියක් සමග කාන්තාවක් රැඳී සිටින බවට ලබා දුන් තොරතුරක් මත වැල්ලවත්ත පොලිසිය මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත.
එම ගිනි අවිය රන් පැහැ ආලේප කරනලද ටී 56 වර්ගයේ ගිනි අවියකි . අත්අඩංගුවට පත් කාන්තාව එම මහල් නිවාස සංකීර්ණයේ පදිංචි වයස අවුරුදු68 ක තැනැත්තියකි.
එම ගිනි අවිය මෝටර් රථයක සිට නිවාස සංකීර්ණයට රැගෙන යමින් සිටියදී එම මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලික ආරක්ෂක නිලධාරියකු විසින් එම ගිනි අවිය හා අදාළ කාන්තාව ආරක්ෂක භාරයේ තබාගෙන පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් පසු වැල්ලවත්ත පොලිසිය මගින් අදාළ විමර්ශනය සිදුකොට ඇත. අදාල සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ වැල්ලවත්ත පොලිසිය මගින් ආරම්භ කොට ඇත.