27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු තොරතුරු පද්ධතියට කව්දෝ රිංඟයි

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු තොරතුරු පද්ධතියට කව්දෝ රිංඟයි

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධතීන් වෙත සයිබර් ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල් චාමින්ද හෙට්ටිආරච්චි මහතා පවසනවා.

සයිබර් ප්‍රහාරය එල්ලවී තිබෙන්නේ අප්‍රේල් මස මුල් සතියේදීයි.

එවැනි ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් සිදුවීම වාර්තා වූ වහාම ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සයිබර් ප්‍රහාර එල්ලවුවද දෙපාර්තමේන්තුවේ කිසිදු මාර්ගගත තොරතුරු පද්ධතියක කටයුතු අඩාල වීමක් සිදු නොවන පරිදී එය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ක්‍රියාකර ඇති බවයි විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ.

ඒ අනුව දෙපාර්තමේන්තුවේ කිසිදු සේවාවක් අඩාල වී නැහැ.

තොරතුරු පද්ධතියට යථා තත්ත්වයට පත් කිරීම සහ ඒවායෙහි ආරක්ෂණය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග රැසක් ගත් බවත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.