31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොසොන් වන්දනාවට අනුරාධපුර යන්න හෙට සිට විශේෂ දුම්රිය සේවා

පොසොන් වන්දනාවට අනුරාධපුර යන්න හෙට සිට විශේෂ දුම්රිය සේවා

පොසොන් උත්සවය වෙනුවෙන් හෙට (9)  සිට ලබන 12 වැනිදා දක්වා කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කියා සිටියේ, ඒ අනුව කොළඹ කොටුවේ සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන් වාර 20 ක් සහ අනුරාධපුරයේ සිට මිහින්තලේ දක්වා දුම්රිය ගමන් වාර 36 ක් ක්‍රියාත්මක කරන  බවයි.

පොසොන් සතිය ලබන 13 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.

අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගෙන ජාතික පොසොන් උත්සවය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු‍ කටයුතු මේ වනවිට සූදානම් කරමින් පවතින බව පොසොන් කමිටුව ප්‍රකාශ කළා.