29.5 C
Colombo
Friday, June 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅනුරපුර බන්ධනාගාර අධිකාරි දුම්බර හිරගෙදරට

අනුරපුර බන්ධනාගාර අධිකාරි දුම්බර හිරගෙදරට

රක්ෂිත බන්ධනාගාරගත කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න දුම්බර බන්ධනාගාරයේ රඳවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. ඔහු බන්ධනාගාරගත කළ යුතු වන්නේ අනුරාධපුර බන්ධනාගාරයේ වුවත් ඔහුගේ ජීවිත ආරක්ෂාව ගැන සලකා දුම්බර බන්ධනාගාරයේ රඳවා තිබේ.

සැකකාර බන්ධනාගාර අධිකාරිවරයා දුම්බර බන්ධනාගාරයේ කිසිදු සිරිකරුවකු නොමැති වෙනම වාට්ටුවක රඳවා ඇතැයි වාර්තා වේ.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු අනීතිකව නිදහස් කිරීමේ සිද්ධියට අදාළව සිදු කරන විමර්ශන යටතේ එම බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගියදා අත්අඩංගුවට ගෙන පෙරේදා (09) අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී අධිකරණය නියෝග කළේ සැකකාර බන්ධනාගාර අධිකාරිවරයා අද (11) තෙක් බන්ධනාගාරගත කරන ලෙසයි.