ආණ්ඩු බලය තියාගෙන සැලසුම්සහගතව කොළඹ නගර සභාවේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය කටයුතු කළ බව කොළඹ නාගරික මන්ත්‍රී රීසා සාරුක් මහතා පැවැසීය. කොළඹ නගර සභාවේ මංගල රැස්වීමෙන් අනතුරුව ඊයේ (16) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. කොළඹ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා ජාතික ජන බලවේගයෙන් ව්‍රායි බල්තසාර් මහත්මිය සමඟ තරග කළ ප්‍රතිවාදී අපේක්ෂකයා වූයේ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී රීසා සාරුක් මහතායි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
ඡන්ද 61යි 54කින් අප පරාද වුණා. යම් යම් පක්ෂ අපිත් එක්ක එකඟත්වයකට ඇවිල්ල තිබුණා. ආණ්ඩු බලය තියාගෙන සැලසුම්සහගතව මේ අය රහස් ඡන්දයකට ගියා. අපි පුන පුනා කියද්දී පළාත් පාලන කොමසාරිස්වරිය රහස් ඡන්දයකට ගියා. එතුමිය මුලින් කිව්වේ පනත අනුව විවෘත ක්‍රමයට සහ රහස් ක්‍රමයට මැතිවරණය පවත්වන්න පුළුවන් කියලයි. යෝජනා දෙකම ඉදිරිපත් වූ අවස්ථාවේ දී මොන ක්රමයද කියලා තෝරන්න ඕනේ සභාවේ වැඩි බහුතරයකින්. නමුත් එතුමිය ඒකාධිපති ස්වරූපයෙන් රහස් ඡන්දයක් තියන්න තීරණය කළා. නමුත් අවසානයේ අපිට එකඟ වෙන්න සිද්ධ වුණා. ආණ්ඩු බලයත් එක්ක යම් දෙයක් සිදුවුණා කියලා අපිට තේරෙනවා. රහස් ඡන්දයකට යනවා කියන තැනම අපිට සැකයක් මතු වුණා.