30 C
Colombo
Wednesday, June 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නියාමකයන් වර්ජනයක

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නියාමකයන් වර්ජනයක

නියාමක විශේෂ පන්තියේ උසස්වීම් ප්‍රමාදවීම, වැටුප් ගැටලුව නොවිසඳීම ඇතුළුව දීර්ඝ කාලීනව නොවිසඳුණු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් හෙට (19 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට ලංකා දුම්රිය නියාමක සංගමය තීරණය කර තිබේ.

උසස්වීම් ප්‍රමාදවීම සහ වැටුප් ගැටලුවට අමතරව දෙපාර්තමේන්තු පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාදවීම, කාර්යක්ෂමතා කඩඉම් සහන ලබාදීම ප්‍රමාදවීම, සුබසාධන කටයුතු සම්බන්ධයෙන් කර ඇති ඉල්ලීම් ඉටුනොවීම, දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක තනතුරේ බඳවා ගැනීම් ප්‍රමාදවීම ආදී ගැටලු රැසකට තවමත් විසඳුම් නොවීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹෙන බව ලංකා දුම්රිය නියාමක සංගමය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වෙත යවන ලද ලිපියක සඳහන් කර ඇත.