30.6 C
Colombo
Wednesday, June 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සතුටුදායක ආරංචියක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සතුටුදායක ආරංචියක්

2025 වර්ෂය සඳහා වන අයවැය කථාවෙහි යෝජිත පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කර තිබේ.

ඒ අනුව, පහත සඳහන් පරිදි යෝජිත විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඒ අනුව,

  • වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් 2025-07-01 දින සිට 2025-12-31 දින දක්වා වන කාලසීමාව තුළ විවෘත කරනු ලබන ස්ථාවර තැන්පතු සඳහා මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම.
  • ස්ථාවර තැන්පතුවේ කාල සීමාව මාස 12ක් (වර්ෂයක්) වන අතර, උපරිම තැන්පතු වටිනාකම රුපියල් මිලියනයක් වීම.
  • සාමාන්‍ය ස්ථාවර තැන්පතු පොලී අනුපාතයට (AWFDR) අමතර වාර්ෂික 3%ක් එකතු කර ලැබෙන අගය හෝ අදාළ බැංකුවේ ප්‍රකාශිත ස්ථාවර තැන්පතු පොලී අනුපාතයට 3%ක් එකතු කර ලැබෙන අගය හෝ යන දෙකෙන් ඉහළ පොලි අනුපාතය ගෙවීම.
  • සමස්ත වැඩසටහන සඳහා පොලී සහනාධාර ගෙවීම පිණිස රුපියල් බිලියන 30ක ප්‍රතිපාදන වෙන් කිරීම.

වැනි කරුණු එකී යෝජනාවලියෙහි සඳහන් වේ.