― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalපෙරටුගාමී සමජවාදී පක්ෂයේ කිසිවෙක් ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ නෑ

පෙරටුගාමී සමජවාදී පක්ෂයේ කිසිවෙක් ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ නෑ

පෙරටුගාමී සමජවාදී පක්ෂයේ කිසිවෙක් ප්‍රචණ්ඩ ක්‍රියා සදහා සහභාගී නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපණ ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි

පෙරටුගාමී සමජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද 7 දින පැවතිමාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපණ ලේකම් පුබුදු ජයගොඩ

විශ්ව විද්‍යාල වලට එකතු වෙච්ච ශිෂ්‍යයෝ උද්ඝෝෂණ වලට සම්බන්ධ වෙනවා කියලා  දැන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ලියුමක් ගහලා තියෙනවා චක්‍රලේඛයක් ගහලා තියෙනවා සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් නේවාසිකාගාර වලින් ඉවත් කරන්න කියලා.
 දැන් නේවාසිකාගාර වලින් ඉවත් කිරීමට අමතරව නේවාසිකාගාර වල විදුලිය සහ ජලය කැපීමේ අමානුෂික ක්‍රියා අනුගමනය කරමින් යනවා සමහර විශ්ව විද්‍යාල වල.
 සෞඛ්‍ය සේවය මුළුමනින්ම බිඳ වැටිලා. ඖෂධ වර්ග සීයකට අධික ප්‍රමාණයක දැවැන්ත හිඟයක් තියෙනවා. හෘදයාබාධ වලට ගන්නා ඖෂධ පිළිකාවලට ගන්න ඖෂධ ඇදුම ඇතුළු මාරාන්තික ස්වසන රෝග සඳහා ගන්නා ඖෂධ ඇතුලු ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක හිඟයක් තියෙනවා.
 සමහර රෝහල් වල අත්වැසුම් පවා නෑ වෛද්‍යවරුන්ට අවශ්‍ය ප්‍රමාණයට පාවිච්චි කරන්න.
 ආණ්ඩුව ජනතාව පාරට බැහැලා ඉන්න එකේ වගකීම කාට කාට හරි පවරලා අත පිහදා ගන්න හදන්නේ. මේවා දේශපාලන කුමන්ත්‍රණ කියලා ඔප්පු කරන්න හදන්නේ.
 ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේදී රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා කිව්වා. ඔහුගේ නිවසට පහරදීමක් සිදු කරලා තිබුණා ඔහුගේ නිවසට පහර දුන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්බන්ධ වෙලා කියලා.
 ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළා ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුවෙලා තියෙන ප්‍රචණ්ඩකාරී ක්‍රියා වලට සම්බන්ධයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයෝ ඔහු ගාව වීඩියෝ සාක්ෂි සහ ඡායාරූප සාක්ෂි තියෙනවා කිව්වා. අපි කියනවා පුළුවන්නම් ඒවා එළියට දාන්න.
 පුළුවන්නම් පෙන්නන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කවුද ගිහිල්ලා ප්‍රචණ්ඩ ක්‍රියා කළේ කියලා.
 රොෂාන් රණසිංහ ට අපි කියනවා පාර්ලිමේන්තුව ඇතුළෙ ඉ දළ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ඕව කියන්නෙ නැතුව පාර්ලිමේන්තුවෙන් එළියේ කියන්නකො පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගේ ගිනි තියන්න ගියා කියලා.

 එහෙම කිව්වොත් අපි නීතිමය වශයෙන් ම බලාගන්නම් අපහාස කිරීම සම්බන්ධයෙන්.

 මිරිහානේ ජනාධිපතිවරයා ගේ නිවස ඉදිරිපිට සිද්ධ වෙච්ච උද්ඝෝෂණය සම්බන්ධ කරුණු විමසීමක් කරන්න කියලා විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහීල් මෙන්ඩිස් හම්බ  වෙන්න පොලිසිය විවෘත විශ්ව විද්‍යාලයට ඇවිල්ල තියෙනව.
 පැය හතරයි විනාඩි විස්සක් ප්‍රශ්න කරලා තියෙනවා. විශේෂ වශයෙන් අහල තියෙන්නෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා.
 කවුරුත් දන්නවා මහාචාර්ය මහිල් මෙන්ඩිස්  කියලා කියන්නේ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක් නමුත් ඔහුගෙන් දිගින් දිගටම විමසලා  තියෙන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් එක්ක තියෙන සම්බන්ධතා මොනවාද. කවුරුත් එක්කද කතා කරන්නේ ඒ විතරක් නෙමෙයි මිරිහානේ උද්ඝෝෂණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ආරාධනා කළේ කියල අහල තියනවා.
 මේ දැවැන්ත මහජන නැගිටීම දේශපාලන පක්ෂවලින් කරනවා කියලා පෙන්නලා ජනතාව අතර ව්‍යාකූල තාවයක් නිර්මාණය කරන්න යනවා.
 ඔය ඇමතිලාගේ ගෙවල් වලට ගහන්න අපි යන්නේ නෑ. ඇමතිවරුන්ගේ ගෙවල්වලට ගහන්න යන්නේ කවුද කියලා සාමාන්‍ය ත්‍රීවීල් පාර්ක් එකට ගියාට පස්සේ හොයාගන්න පුළුවන්.
 ඊයේ ජොන්ස්ටන්ගෙ  ගේ වට කරන්න කාර්යාලට ගහන්න ගියේ කවුද  ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණාට පස්ස පාරේ කිරිබත් උයාගෙන කාලා අපිටත් කිරිබත් කන්න දීපු කට්ටිය තමයි ඔය ගහන්න යන්නේ
 අර තාප්ප වල චිත්‍ර ඇඳපු කට්ටිය තමයි ගහන්න යන්නේ. ප්‍රසන්න රණතුංග තියෙනවනේ අපි මහජන අරගල තුළට ඇතුල් වෙලා මහජන අරගල තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සැලසුම් කරනවා කියලා.
 අපි නිශ්චිතවම මහජන අරගල තුළ ඉන්නවා. මේ මහජන අරගල හැම එකකටම අපි අපේ ශක්ති ප්‍රමාණයෙන්ස හභාගි වුණා සම්බන්ධ වුණා.
 නීතිඥයෝ පහුගිය දවස් වල නීතිපති කාර්යාලය වැටලූ වා.
 නීති පති දෙපාර්තමේන්තුව ඇයි අපරාධකාරයින් ගේ නඩු ඉල්ලා අස්කර ගත්තේ කියලා ඇහුවා. එහෙම එකක් ලංකා ඉතිහාසය මීට කලින් ඇති වෙලා නෑ. ඒව කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද.
 සෞඛ්‍ය සේවකයෝ අද උද්ඝෝෂණය කරනවා එහෙම කරන්නේ මොකක් හරි පක්ෂයකින් ද.
 කලින් උද්ඝෝෂණ වලට ආවේ නැති අය. ශිෂ්‍යයෝ වෘත්තිය සමිති උද්ඝෝෂණය කරනකොට පාරවල් අවහිර වෙනවා අපේ කාර් වලට යන්න බැහැ කියලා ටීවී වලට වොයිස් කට් දුන්නු අය තමයි දැන් ඇවිල්ලා කැමරා ඉස්සරහ කියන්නේ උද්ඝෝෂණය කිරීම හැර අපේ ජීවිත ගෙනියන්න වෙන පාර ක් ඉතුරු වෙලා නැහැ කියලා
 කහටගස්දිගිලියේ  ඉඳලා   ෂැන්ග්‍රිලා අපාර්ට්මන්ට් වල ඉන්න මිනිස්සුන්ගෙ උද්ඝෝෂණ දක්වා පුළුල් පරිමාණයකට මේ උද්ඝෝෂණ පැතිරිලා.
 ජනාධිපතිවරයාට කම්පනයක් ඇති එයාගේ අසල්වැසියෝ ම පිස්සා පිස්සා කියල කෑ ගගහ උද්ඝෝෂණය කරපු එක ගැන.
 සීනි කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද අඩු කරනවා කියලා කියලා ඒක ඇතුළෙ ජාවාරම් කාරයෙකුට අතිවිශාල මුදල් වංචාවක් කරන්න ඉඩ දුන්නා. ඒ වගේමයි සුදුලූනු වංචාව පොල් තෙල් වංචාව.
 ඇන්ටිජන් වලින් මංකොල්ල කාල එක වසන් කිරීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ටික මැකුවා.
 එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගත්ත වෙලාවේ ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ සාගරයට සිද්ධ වෙච්ච විශාල ම විනාශය සිද්ධ වෙලා තියෙද්දි නාලක ගොඩහේවා ල කිව්වේ වාරකන් කාලෙට හීන ගන්න බැරුව සත්තු මැරෙනවා කියලා.
 මාළු මැරෙනවා කිව්වා වාරකන් කාලෙට මුහුද රළ වැඩි නිසා.
 නාලක ගොඩහේවා ට කවුරුහරි පාරෙදි අල්ලන් ගැහුවොත් එහෙම පෙරටුගාමී සමාජවාදී පක්ෂය හරි කවුරුහරි නෙමෙයි ඔය කතා කිව්වේ ගුටි කන්න තමයි.
ඒ තරමට ජනතාවට අපහාස අවමන් කළා. මහර බන්ධනාගාරයේ සිරකරුවන් අමු අමුවේ මරා දැම්මා. මරලා දාලා ඉවර වෙලා ඒ මරපු එක සාධාරණීකරණය කරන්න බොරු කතා ගෙතුවා කෝ අද ඒව.
 පිටින් එන අයව ඇන්ටිජන් එකක් කරලා ඇතුලට ගන්න නැත්තං වසංගතය බෝ වෙනවා කියපු මිනිසුන්ට වෙඩි තිබ්බා.

 දැන් කෝ විමර්ශන වාර්තා. කෝ මහර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශන වාර්තා.
 කාබනික පොහොර නාඩගමක් නැටුවා. අද ජනාධිපතිවරයා ගේ ගේ ඉස්සරහට ගිහිල්ලා මිනිස්සු පිස්ස කියල කෑ ගහන්නේ ඇයි. ඔය කාබනික පොහොර නාඩගම නිසා.
 මම තමයි හොදටම කළේ කියන උද්දච්ච කමින් හිටියේ. සිහිබුද්ධියක් තියෙන ඕන මිනිහෙකුට හිතෙනවා ඔය ගේ ඉස්සරහට ගිහිල්ලා ගෝට පිස්ස කියල කෑගහන්න.