ටොෆි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් ඉබ්බාගමුව පොලගොල්ල ප්‍රදේශයේ පාසලක දරුවන් 25 දෙනකු රෝහල් ගත කර තිබෙනවා
එමෙන්ම වැඩිහිටියන් පස් දෙනකුද පොල්ගොල්ල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවයි ගොකරැල්ල මහජන සෞඛ්‍ය කාර්යාලය පවසන්නේ
ඉන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දරුවන් 7 දෙනකු හා එක් වැඩිහිටියෙකු කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔවුන්ට හුස්ම ගැනීමේ අපහසුව, ක්ලාන්තය හා කැසීම ඇතුලූ රෝගී තත්ත්වයන් හට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
පාසල අසල පිහිටි කුඩා වෙළඳසලකින් ලබා ගත් ටොෆි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු මෙම තත්වය මුහුණ පා ඇති බවයි සඳහන් වන්නේ..
පොල්ගොල්ල ප‍්‍රාදේශීය රෝහලට එම දරුවන් ඇතුලත් කිරීමෙන් පසු ඔවුන් පරීක්‍ෂා කල වෛද්‍යවරයකුට හා සාත්තු සේවකයකුට ද එකී ආසාත්මිකතාවය හට ගෙන ඇති බවද සඳහන්.