අයථා ලෙස උපයා ගත් වත්කම්හි වටිනාකම නිශ්චිත ලෙස නොපෙන්වා වංචනික ලෙස අවප්‍රමාණය කර පෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වූ සීමා හේවගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ක්‍රියා කළ ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවත්වන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ ඊයේ (26) දැනුම් දුන්නේය.
යම් යම් පුද්ගලයන් තමන්ට ආධාර ලබාදුන් බව සැකකරු ප්‍රකාශ කළ ද එම පුද්ගලයන් ඒ බව ප්‍රතික්ෂේප කරන බව ද අල්ලස් කොමිසම තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
අයථා වත්කම් රැස්කිරීමේ චෝදනාව මත අල්ලස් කොමිසම මඟින් ඊයේ (26) අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් සීමා හේවගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීහු අධිකරණයට මේ බව දැනුම් දුන්හ.
සිද්ධියට අදාළව සැකකරු ජූලි 8 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අධ්‍යක්ෂ (නීති) සුලෝචනා මහත්මිය සඳහන් කරනු ලැබුවේ අයථා ලෙස උපයාගත් වත්කම්හි වටිනාකම නිශ්චිත ලෙස නොපෙන්වා වංචනික ලෙස අවප්‍රමාණය කර පෙන්වීමට ක්‍රියා කළ ඇති බවය.
සැකකරු පාණදුර ප්‍රදේශයේ පන්සලක බුදු පිළිමයක් සෑදීමට රුපියල් ලක්ෂ 145ක් යොදවා පසුව එම මුදල ලක්ෂ 350ක් දක්වා වැඩි කර ඇති බව ද අල්ලස් කොමිසම දැනුම් දුන්නේය.
“ස්වාමීනි, එම විහාරස්ථානයේ හාමුදුරුවන් එවකට පිළිකා රෝගී තත්ත්වයක සිටියදී මුදල් සංශෝධනය ගැන දිවුරුම් ප්‍රකාශයක් ලබා දී අත්සන් ලබා ගෙන තිබෙනවා. පිළිම වහන්සේ විවෘත කිරීමේදී සඳහන් කළ නියමිත මුදල් ප්‍රමාණය පසුව ඵලකයක් සෑදීමට ලෙස සඳහන් කර පසුව සංශෝධනය කර තිබෙනවා.
එමෙන්ම ලක්ෂ 92කට නිශ්චල දේපොළක් මිලදී ගැනීමට මුදල් වැය කරලා පසුව එය ලක්ෂ 40ක් බව දක්වලා තිබෙනවා. නමුත් ඔහුගේ බිරියගෙන් ලබාගත් ප්‍රකාශ අනුව එදින ලක්ෂ 92ක් ලබා ගෙන ඔප්පුව මිලදී ගත් බව සඳහන් වුණා.”
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා සඳහන් කරනු ලැබුවේ, සේවාදායකයා අවුරුදු 35ක් රාජ්‍ය සේවකයකු ලෙස සේවය කරන බවයි.“ මගේ සේවාදායකයාගේ ගිණුම්වලට මුදල් දාලා තියෙන්නේ, හොරකම් කරා නම් ගිණුම්වලට මුදල් දාන්නේ නැහැ. සේවාදායකයාගේ බිරියගේ ගිණුමට දාලා තමයි මේ පිළිමය සෑදීමට ලක්ෂ 145ක් දාලා තියෙන්නේ. මගේ සේවාදායකට පර්මිට් හතරක් තියෙනවා. ඒ පර්මිට් විකුණපු සල්ලි තමයි බැංකු ගිණුම්වලට දාලා තියෙන්නේ, ඊට අමතරව MBA කරන්න එංගලන්තය, ඉතාලිය, තායිලන්තය වැනි රටවලට ගියා. එහිදී පුද්ගලයන් සමඟ ඇති වූ සමීප සම්බන්ධතාව මත ලංකාවේ මෙම බුදු පිළිමය සෑදීමට ආධාර ලබාගෙන තිබෙන්නේ, විහාරස්ථාන සෑදීම කියන්නේ අටමහා කුසල් මෙවන් පුණ්‍ය ක්‍රියාවල තමයි මගේ සේවාදායකයා නිරත වෙලා තියෙන්නේ, පානදුර ප්‍රදේශයේ පර්චස් විස්සක ඉඩමක් පමණයි මගේ සේවාදායකයාට තිබෙන්නේ, විශ්‍රාම යනකම් රජයේ වාහන විතරයි පාවිච්චි කරේ.Ó
Òස්වාමීනි, පන්සලේ පිළිම වහන්සේගේ කතාව 2018 පටන් ගත්ත දෙයක්, මගේ සේවාදායකයාගේ බිරිය නමින් ගිණුමක් විවෘත කරලා තමයි එම මුදල් දාලා තියෙන්නේ. මෙම පිළිමේ නිර්මාණය කිරීමෙන් පසුව එම පිළිමය වටා ඵලකයක් සෑදීමට තමයි පසුව ලක්ෂ 350ක් දක්වලා තියෙන්නේ මේ සියලු මුදල් එක් එක් පුද්ගලයන්ගෙන් ලැබුණු ආධාර මිස අයථා ලෙස ලබාගත් දේවල් නෙවෙයි, ස්වාමීනි සිද්ධියට අදාළව පළමුවම අත්අඩංගුවට ගත යුත්තේ සේවාදායකයාගේ බිරිය, මොහු නොවේ, ස්වාමීනි, එම නිසා සුදුසු ඇප කොන්දේසියක් මත මාගේ සේවාදායකයාට ඇප ලබා දෙන්නÓ යනුවෙන් අධිකරණයෙන් ඉල්ලීය.
සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කිරීමට තිබෙන අතර සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු විය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම මෙහිදී අධිකරණයෙන් ඉල්ලීය. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 8 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියෝග කළාය.