27.8 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ සංශශෝධිත චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කරන බවයි. නව චක්‍රලේඛය මගින් පැවති චක්‍රලේඛයේ තිබූ අඩුපාඩු රැසක් නිරාකරණය කරන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළහ.

ඔහු අවධාරණය කළේ මෙම චක්‍රලේඛය මගින් සුදුසුම දරුවන් පාසල්වලට ඇතුළු කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයන බවයි. එමෙන්ම නීතීවිරෝධී හෝ අයථා ක්‍රම මගින් සිසුන් ඇතුළත් කිරීමේ පිළිවෙතට තිත තබන බවත් ඔහු පැහැදිලි කළේය.

මීට අමතරව, පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛයද ලබන සතියේ නිකුත් කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සෙනෙවිරත්න ප්‍රකාශ කර සිටියහ.