28.4 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅත්අඩංගුවට නොගන්නයි මහින්ද ඉල්ලා නැහැ

අත්අඩංගුවට නොගන්නයි මහින්ද ඉල්ලා නැහැ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, තම පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නැයි මහා සංඝ රත්නයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අයැද සිටින බවට පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බවයි.

ඔහු කියා සිටියේ මෙය ආගමික නායකයින් ද දේශපාලන මඩ ගැසීම්වලට ඇද දැමීමට දරන උත්සහයක් බවයි. තවද, තම පවුලේ සාමාජයින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහානායක හිමිවරුන්ගේ සහාය පතන බවට අසත්‍ය ප්‍රකාශ පතුරුවා හැරීමට තරම් ජාතික ජන බලවේග ආණ්ඩුව පහතට වැටී ඇතැයි ඔහු එහිදී පෙන්වා දුන්නා.

මෙය ගරුතර මහා සංඝ රත්නයට සිදු කෙරෙන බරපතල අගෞරවයක් බවත්, තම පවුලේ සාමාජිකයන් මේ සඳහා ව්‍යාජ ලෙස පටලවා ගැනීමට ආණ්ඩුව පොලිසිය සහ අධිකරණය පවා දේශපාලනීකරණය කිරීමට උත්සාහ කරන ආකාරය මෙහිදී පැහැදිලි වන බවත් ඔහු අවධාරණය කළා.

තවද, තමන් සහ තම පවුලේ සාමාජිකයින් නිරන්තරයෙන් දේශපාලනික වශයෙන් පරීක්ෂණවලට බියෙන් තොරව මුහුණ දී ඇති අතර, ඒ සඳහා විශේෂ සැලකිල්ලක් හෝ අනුග්‍රහයක් අපේක්ෂා නොකරන බවත් ඔහු ප්‍රකාශ කළා. රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි තමන් පූර්ණ විශ්වාසය තබා සිටින බවයි ඔහු තැබූ එක්ස් සටහනේ දක්වා තිබුණා.

ඒ අනුව, ව්‍යාජ ප්‍රචාරණ, චරිත ඝාතන සහ නීතිය දේශපාලනීකරණය කිරීම යන උපක්‍රම තුළින් ජාතික ජන බලවේගය ඔවුන්ගේ නොහැකියාවන් සහ අසාර්ථක බව වසා ගැනීමට උත්සහ දරන්නේ ඔවුන් මංමුලාවී සිටීම හේතුවෙන් බවද ඔහු තවදුරටත් සඳහන් කළා.