31.7 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot News2026 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම් පත්‍රය නිකුත් කෙරේ

2026 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම් පත්‍රය නිකුත් කෙරේ

2026 වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වූ අයැදුම්පත හා උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ඊයේ (03) නිකුත් කළේය.

එම අයැදුම්පත් අගෝස්තු 4 වැනිදාට පෙර පාසල් ප්‍රධානීන් වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. මෙම උපදෙස් සංග්‍රහයට අනුව දරුවකු පළමු ශ්‍රේණියට ඇතුළත් කරගැනීමට අදාළ සුදුසුකම් 2025 ජූනි මස 30 වැනිදා වන විට සම්පූර්ණ කිරීම අවශ්‍ය වේ.

ඒ බව තහවුරු කිරීම සඳහා අයැදුම්පත සමඟ ඉදිරිපත් කරනු ලබන ලේඛන අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනට හෝ ඊට පෙර දිනයකදී නිකුත් කර ඇත්නම් එම ලේඛන වලංගු ලේඛන සේ සලකා බලනු ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.