28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාස්කු දේශපාලන බයිට් එකක් කරන්න ඉඩ දෙන්නේ නෑ

පාස්කු දේශපාලන බයිට් එකක් කරන්න ඉඩ දෙන්නේ නෑ

පාස්කු ප්‍රහාරය තවදුරටත් දේශපාලන සංවිධානවල බයිට් එකක් කරන්න ඉඩ දෙන්නේ නැතැයි අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා මේ බව කීවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමිනි.

“මේ පාස්කු ප්‍රහාරයේ සිදු වුනේ අනුර දිසානායකගේ වරදින්ද කියා විපක්ෂයේ උදවිය කතා කරන විදිය දකිනකොට දැන් හිතෙනවා.මේක උනේ අපේ අතින්ද කියලා හිතාගන්න බැරි තත්ත්වයක් දැන් තියෙනවා.මේක වෙනකොට කැබිනට් ඇමතිලා වී සිටි උදවිය දැන්  එහා පැත්තෙ ඉන්නවා.

විපක්ෂ නායකතුමා දෙන උපදෙස් ඒ කළේ සිදු නොකළේ ඇයි? කොහොම වුනත් අපි හරියට පරීක්ෂණ කරනවා. අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා මේ වන විට කැබිනට් කාර්යාලයක් පිහිටුවා තිබෙනවා.එය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන් කර තිබුණා. යනුවෙන්ද අමාත්‍යවරයා කීය.