පාර්ලිමේන්තුව අද (ජූලි 11)) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි.
පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.
පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර තිබෙන්නේ.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් ඉදිරිපත් කර ඇති ජාතික ක්‍රීඩා කණ්ඩායමක් නියෝජනය කරනු ලබන හෝ ජාතික මට්ටමේ වාර්තාවකට හිමිකම් කියනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ ඕනෑම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවකාශ සලසා දීම පිළිබඳ යෝජනාව, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසින් ඉදරිපත් කර ඇති සමූපකාර ග්‍රාමීය බැංකු පද්ධතිය නිසි අධීක්ෂණයකට යටත් කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමපිළිබඳ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා විදේශ සේවයේ පත්වීම් ලබාදීම විධිමත් කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම පිළිබඳ යෝජනාව, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කර ඇති සෑම තරුණයෙකුම ඵලදායි රැකියාවක නියුතු පුද්ගලයෙකු හෝ ස්වයං රැකියාවක නියුතු ව්‍යවසායකයෙකු බවට පත් කිරීම පිළිබඳ යෝජනාව, පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා විසින් ඉදිරිපත් කර ඇති බිම් මට්ටමේ පවතින සියලු පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇති ජනතා අප්‍රසාදය වළක්වා ගැනීමට කටයුතු කිරීම පිළිබඳ යෝජනාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කර ඇති පිටිගල, උඩුගම, නෙලුව සහ දෙණියාය අයත් පර්සර පද්ධතිය සංචාරක කලාපයක් ලෙස නම් කිරීම පිළිබඳ යෝජනාව මෙසේ විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා.
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහායි කාලය වෙන් කර ඇත්තේ