පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිව සේනසිංහ මහතා අද (14) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
ඒ නීති විරෝධීව එකලැස් කරන ලද වාහනයේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
පැය 3ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ඒ මහතා ඉන් පිටව ගොස් තිබෙන අතර මීට පෙර අවස්ථා 03 කදී සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුජිව සේනසිංහ මහතා කියා සිටියේ, CIDය හතරවන වරටත් තමාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත් වත්මන් ආණ්ඩුව දේශපාලනයේ නියැලෙන්නන්ව දඩයම් කරන තත්ත්වයකට පත්ව ඇති බවයි.
මෙවැනි කටයුතුවලින් දේශපාලනඥයින්ට දේශපාලනය එපා කරවීමට උත්සාහ ගන්නා බවත් තමා ඕනෑම දෙයකට නිර්භීතව මුහුණදෙන බවත් සුජීව සේරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.