29 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News“වනස්පති” ජාතික වැඩසටහන අද

“වනස්පති” ජාතික වැඩසටහන අද

පරිසර අමාත්‍යංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් අද (15) පෙරවරු 9.30ට ගම්පහ, බජ්ජංගොඩ රක්ෂිත වනාන්තරයේ එළිමහන් රංග පීඨයේ දී “වනස්පති” ජාතික වැඩසටහන පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරනවා.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි හා , විදේශ තානාපතිවරුන්ගේ සහ විශේෂ ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතයි.
ඒ් අනුව නව රජයේ පරිසර ප්‍රතිපත්තියේ කරුණු ඉටු කරමින් ද පරිසර අමාත්‍යංශයේ අරමුණු සහ පැරිස් සම්මුතියට දක්වන එකඟතාවක් ලෙස ද ජල මූලාශ්‍ර, සතුන් සහ ශාක ආරක්ෂා කරන වනාන්තර, රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන වනස්පති නමින් අද දින (15) ආරම්භ වෙනවා.
පැරිස් සම්මුතියට ශ්‍රී ලංකාව දක්වන එකඟතාවක් ලෙස 2030 වසර වන විට ලංකාවේ වන ආවරණය 32 % දක්වා වර්ධනය කිරීමේ අවශ්‍යතාව පවතිනවා.
රජයේ පාරිසරික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේ ඉදිරි පියවරක් ලෙසද ජගත් පරිසර දින ආරම්භ වූ පාරිසරික සංරක්ෂණ ක්‍රියාවලියේ දිගුවක් ලෙස ද වනස්පති ජාතික වැඩසටහන දීර්ඝ කාලීනව ක්‍රියාවට නැංවීමට අපේක්ෂිතයි.
ඒ අනුව මොණරාගල, අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් රජයේ වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් වනු ඇත.
මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල අඩවියේ ආගරේ, බන්ඩාරවාඩිය, කුඩාගොඩකන්ද, මිල්ලකැලේ, වන්තිබ්බාගොඩ, වෙහෙරගලකන්ද රජයේ වනාන්තරත් – සියඹලාණ්ඩුව අඩවියේ අඹත්තාහෙල රජයේ වනාන්තරයත්, වැල්ලවාය අඩවියේ කන්දෙයාය, පොරමැඩිල්ල, වැලිආර රජයේ වනාන්තරත් අද (15) දින සිට නව රක්ෂිත ලෙස ගැසට් කරනු ඇත.
අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව අඩවියේ පාලකුඩා කඩොලාන වනාන්තරය, අම්පාර අඩවියේ කරංගාව රජයේ වනාන්තරය, මහඔය අඩවියේ බදුලුගොඩ රජයේ වනාන්තරය සහ ලාහුගල අඩවියේ පානම උතුර රජයේ වනාන්තර ද අද (15) දින සිට රක්ෂිත ලෙස ගැසට් කිරීමට නියමිත අතර මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර අඩවියේ රිලාගල සහ රජගල රජයේ වනාන්තර ද රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරෙනවා.
මෙම සියලු රජයේ වනාන්තරවල හෙක්ටයාර 5711.75 ක වපසරියක භූමි ප්‍රමාණයක් රක්ෂිත බවට පත් වනු ඇත.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ “වනස්පති” – ශ්‍රී ලංකාවේ වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවෙනවා.