27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබංග්ලාදේශ කණ්ඩායමට කඩුලු 8ක ජයක්

බංග්ලාදේශ කණ්ඩායමට කඩුලු 8ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට විස්සයි20 තරගාවලියක් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ ශ්‍රී ලංකාව සමඟ පැවති 3 වැනි සහ සහ අවසන් 20යි 20 තරගය කඩුලු 8කින් ජයගැනීමටයි ඔවුන්සමත් වුණේ.

ආර් ප්‍රෙමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකා ඉනිම පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් විසින් ආරම්භ කළා

එහිදී ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 6කට දැවීගියා.

කුසල් ජනිත් පෙරේරා අවාසනාවන්ත ලෙස දැවී ගියේ ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්.

දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම ලකුණු 4කට සීමා වෙද්දී චරිත් අසලංක ලකුණු 3කට දැවී ගියා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 132ක් ලෙස සටහන් වුණි.

දසුන් ශානක නොදැවී ලකුණු 35ක් ලබා ගත්තා.

බංග්ලාදේශ ඉනිම හුසේන් ඉමෝන් සහ ටැන්සිඩ් හසන් ලකුණු 133ක ඉලක්කය හඹායාම ආරම්භ කළා.

නුවන් තුෂාරගේ පළමු පන්දුවෙන්ම හුසේන් ඉමෝන්ව දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

දෙවැනි කඩුල්ලට ලකුණු 74ක සබඳතාවයක් ගොඩනැගු නායක ලිටන් දාස් සහ ටැන්සිඩ් හසන් ශ්‍රි ලංකා කණ්ඩායමෙන් ජයග්‍රහණය උදුරා ගැනීමටයි සමත් වුණේ.

ලිටන් දාස් ලකුණු 32ක් රැස් කළා.

ටැන්සිඩ් හසන් නොදැවී ලකුණු 73යි.

කඩුලු 8කින් තරගය ජයගත් බංග්ලාදේශය 20යි 20 තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජයගැනීමටයි සමත් වුණේ.