26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරන් ගිනිඅවි සිද්ධියේ සැකකාරියට ඇප

රන් ගිනිඅවි සිද්ධියේ සැකකාරියට ඇප

කොළඹ මහාධිකරණය විසින් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ සිද්ධිය සම්බන්ධ සැකකාරියකට ඇප පිළිබඳ නියෝගයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඉකුත්දා කොළඹදී, රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ වූ සැකකාරිය ඇප මත මුදාහැරීමට නියෝග කෙරිණි.

විශාඛා අයිරාංගනී විරකෝන් නම් සැකකාරිය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සලකා බලා, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න මහතා මෙම නියෝගය ප්‍රකාශයට පත්කළහ. අධිකරණය විසින් ඇය රුපියල් 250,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කරන ලදී.

මීට පෙරදී, මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබිණි.