29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශේෂ අවශ්‍යතා ඇති දරුවන් බලා ගැනීමට දෙමව්පියන් පුහුණු කරයි

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් බලා ගැනීමට දෙමව්පියන් පුහුණු කරයි

වතුකරයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් රැක බලා ගැනීමට සම්භාහන ප්‍රතිකාර ලබා දීමට, ඔවුන්ගේ මානසිකත්වය ඉහළ දැමීම සහ එම දරුවන් ආරක්ෂිතව රැක බලා ගැනීම සම්බන්ධයෙන් එම දරුවන්ගේ දෙමව්පියන් දැනුවත් කිරිම සහ පුහුණු කිරිමේ වැඩසටහනක් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය මගින් (17) දින ආරම්භ කෙරිණ.

වතුකරයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හදුනාගෙන එම දරුවන්ගේ විවිධ දක්ෂතා හදුනාගෙන එම දරුවන්ව (17) දින කොටගල නගරයේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවක් වෙත ගෙන්වා එම දරුවන්ගේ නර්ථන අංග කිහිපයක්ද ආරාධිතයන් හමුවේ ප්‍රදර්ශනය කරනු ලැබූහ.

කැනඩා රජයේ සහ මෙරට රාජ්‍ය නොවන සංවිධාන එක්ව මෙම වැඩසටහන දියත් කල බවයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කේ.සුදර්ශන් මහතා කියා සිටියේ.

මෙම දරුවන්ගේ දක්ෂතාවයන් දැකබලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.