25.6 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශිෂ්‍යත්වය අහෝසි කරන්නේ නැහැ

ශිෂ්‍යත්වය අහෝසි කරන්නේ නැහැ

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණයක් ගෙන නොමැති බවත් එම විභාගයෙන් දරුවන්ට එල්ල වන බර, පීඩනය සහ ආතතිය අඩු කිරීමට සැලසුම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවිය ඊයේ (17) ප්‍රකාශ කළාය.

පාසල් අතර පවතින විෂමතාව අවසන් කිරීමකින් තොරව ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම අසාධාරණ බව ද අගමැතිවරිය ප්‍රකාශ කළාය. එබැවින් පාසල් අතර පවතින විෂමතා අවම කිරීමට කටයුතු කළ යුතු බව ද අගමැතිවරිය සඳහන් කළාය.

අගමැතිනිය මේ බව සඳහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුම්වත් කිරීම සඳහා බස්නාහිර පළාත් සභා කාර්යාලයේදී ඊයේ (17) පැවැති වැඩසටහනකට සහභාගී වෙමිනි.