― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSocialමගේ පවුලට අපහාස කරන මිනිස්සු මූණ ඉස්සරහටවත් හම්බවෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා...

මගේ පවුලට අපහාස කරන මිනිස්සු මූණ ඉස්සරහටවත් හම්බවෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා…

කාවින්ද්‍යා අධිකාරී කියන්නේ සමිතා – අතුල යුවළගේ වැඩිමල් දියණියයි. ඇය අපේ රටේ දක්ෂ තරුණ ගායිකාවක්. ඇයගේ මව සහ පියාගේ ආභාෂය නිසාමදෝ ඇයත් සිය කටහඬින් ප්‍රේක්ෂකයින් වෙනමම ලොවකට ගෙන යා හැකි ගායිකාවක් කිව්වොත් මං නිවැරදියි.
ඇය ඇගේ මුහුණුපොතේ මීට සුළු මොහොතකට පෙර ඉතා සංවේදී සටහනක් පළ කර තිබෙනවා.

මෙය ඇගේ රසියකන්ටම පමණක් නොව සියලු ශ්‍රී ලාංකිකයන්ම කියවිය යුතු සටහනක් නිස මෙය අපි ඔබ හා බෙදාගන්න හිතුවා.

මේ තියෙන්නේ ඇගේ සටහන,

“මට මිනිස්සු හුඟාක් දොස් කියන්න පුලුවන් මේ දාන දේ සම්බන්ධයෙන්, ඒත් මම අවශ්‍ය තැනදී හරි දේ කතා කරපු මනුස්සයෙක්… දේශපාලනය සම්බන්ධව කතා කරන කිසිම තැනකදී මම කිසිම දෙයක් කාටවත් කියන්න යන්නේ නෑ, මොකද ඒක ඒ ඒ අයගේ කැමැත්ත සහ අයිතිය. ඉවසන් ඉඳලා ඉඳලා දාන පෝස්ටුවක් මෙන්ද කරුණාවෙන් දන්වා සිටිමි… මගේ පවුලේ මිනිස්සු හැම මනුස්සයෙක්ටම එක විදිහට සලකන පුදුම මනුස්සකමක් ඇති මිනිස්සු. සමාජෙට එකක් ගෙදරට තව එකක් නෙමේ කියලා අපිව ලඟින් ඇසුරු කරන කියලුම දෙනා දන්නවා… මම ගැන ඕන දෙයක් දැම්මට කිසි ප්‍රශ්නයක් නෑ, නමුත් මගේ අම්මාගෙ නම, මගේ මල්ලිගෙ නම, මගෙ තාත්තාගෙ නම කියලා අපහාස කරන සහ එක එක දේවල් සමාජගත කරන හැම කෙනා ගැනම මම මේ දේ පටන්ගත්ත දවසේ ඉඳන් හොඳින් බලාගෙන හිටියේ සහ ඉන්නේ… මගෙ මූණ ඉස්සරහටවත් ඒ මිනිස්සු හම්බවෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා… කලාකරුවන් විදිහට සාමාන්‍ය ජනතාවට කතා කරලා කියන්න හරවත් දේ ඇති මිනිස්සු වෙන්න, කටට එන හැමදේම කියන්න හිහින් තමාට ඇති ගරුත්වය නැති කරගන්නේ නැතුව! මේ කාලය ඇතුලත සමාජයේ මිනිස්සු සහ විශේෂයෙන් කලාකරුවන් ගැන පුදුම විදියට ඉගෙනගත්තා සහ තේරුම්ගත්තා. උපතින්ම මේ ක්ෂේත්‍රයට එන්න උනා ඇරෙන්න හීනෙකින්වත් මේ වගේ මිනිස්සු ඉන්න තැනකට එන්න හෝ ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්නේ නම් නෑ ආය කවමදාවත්!අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දේශපාලන තරහාවල්, අදාළ මිනිස්සු එක්ක තිගාගත්තා නම් හොඳයි, පාඩුවේ ඉන්න මගෙ පවුලේ මිනිස්සුන්ගේ නම කියව කියව දඟලන්නේ නැතුව.. මම කාටවත් ණයත් නෑ. බයත් නෑ… ඒක නිසා මේ පෝස්ට් එකෙන් පස්සේ මට කවුරු මොනා කිව්වත් මට අදාළත් නෑ!!👍🙏🏼 මම පවුලේ මිනිස්සුන්ට පුදුම විදිහට ආදරේ කරන මනුස්සයෙක්… මම මිනිස්සුන්ට පුදුම විදිහට ගරු කරන ආදරේ කරන මනුස්සයෙක්… එහෙම මනුස්සයෙක්ගෙ හිතක් තමයි මේ රිදුනේ…”