ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
එරට ජනාධිපති මොහොමද් මුයිසුගේ ආරාධනයක් මත මාලදිවයිනේ සංචාරයක නිරත වන ජනාධිපතිවරයා එළඹෙන 30දා දක්වා එරට රැඳී සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.
මෙම සංචාරය අතරතුර දෙරටේ ජනාධිපතිවරුන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට නියමිත බව ද විදේශ අමාත්‍යාංශය සඳහන් කරනවා.
ඊට අමතරව ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර මාලදිවයිනේ ව්‍යාපාරික සංසදය ඇමතීමට සහ ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව හමුවීමට ද නියමිතයි.