30 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් සිසුන්ට විවේක කාල දෙකක් ලබාදීමට තීරණයක්

පාසල් සිසුන්ට විවේක කාල දෙකක් ලබාදීමට තීරණයක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පැවැත්වෙන කාලය සහ විවේක කාලය වෙනසක් සිදු කර තිබේ.

ඒ අනුව පෙරවරු 7.30 සිට සවස 2.00 දක්වා පාසල් පැවැත්වෙන අතර විවේක කාල දෙකක් ලබාදීමට නිර්දේශ කර තිබෙනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව ජනවාරි 01 වැනිදා සිට පාසල් පැවැත්වෙන කාලය දිනකට විනාඩි 50 කින් වැඩි වෙන බැවින් එය දරුවන්ට දරා ගත නොහැකි නිසාපෙරවරු 10.10 සිටි 10.30 දක්වාත් දහවල් 12.10 සිට 12.20 දක්වාත් දිනකට විවේක කාල දෙකක් ලබා දී තිබෙන බව ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අශෝක ද සිල්වා මහතා පැවසීය.

පන්ති කාල සටහන්වල වෙනසක් සිදුකරන අතර ඒ අනුව පෙරවරු 7.40 සිට 8.30 , 8.30-9.20, 9.20 -10.10, 10.30 -11.20, 11.20 සිට දහවල් 12.10 දක්වාත් 12.20 -1.10, 1.10-2.00 දක්වා කාලය සංශෝධනය කර තිබේ