32.2 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආණ්ඩුවේ ඉතිහාසය හොඳ නෑ.. හැබැයි අපේ ඉතිහාසය හොඳයි

ආණ්ඩුවේ ඉතිහාසය හොඳ නෑ.. හැබැයි අපේ ඉතිහාසය හොඳයි

වත්මන් ආණ්ඩුවේ ඉතිහාසය හොඳ නැති වුණාට ⁣තම ආණ්ඩුවල ඉතිහාසය හොඳයි බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“එදා අපි ප්‍රතිපත්ති තීන්දු ගත්තා. අපි එතනෝල් පිටින් ගේන එක නැවැත්තුවා. ලංකාවේ නිෂ්පාදන ටික විකුණාගන්න. ඒ අසීමිත ලාභයක් ලැබුණා. ඒ ලාභය සේවකයාට දුන්නා. ඒ වගේම ලාභාංශ ගොවියට දුන්නා. එදා ඒ ටික දුන්නා.

හැබැයි අද මොකක්ද කරන්නේ, අද ව්‍යාපාරිකයෝ කීපදෙනෙක්ට ඕන විදිහට ආණ්ඩුව හැසිරෙන්නේ. ව්‍යාපාරිකයෝ කීපදෙනෙක්ට ඕන විදිහට තීන්දු තීරණ ගන්නවා. ව්‍යාපාරිකයන්ට ඕන විදිහට තීන්දු තීරණ ගන්නකොට මොකක්ද වෙන්නේ.?

සම්පුර්ණයෙන් මේ රටේ දේශීය කොදු නාරටිය කඩන් වැටෙනවා. දැන් අධ්‍යාපන ක්‍රමයේ ලොකුම ප්‍රශ්නය ඉතිහාස පාඩම. එහෙමනේ කියන්නේ. ඉතින් ඉතිහාසය අයින් කරන්න ඕනිලු. ආණ්ඩුවේ ඉතිහාසය හොද නෑ. අපි මොනව කරන්නද. අපේ ඉතිහාසේ ප්‍රශ්නයක් නෑ.”

ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.