31.1 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආණ්ඩුව අපේ විශ්වාසභංගයට බය වෙලා

ආණ්ඩුව අපේ විශ්වාසභංගයට බය වෙලා

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසන්නේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය විවාදයේදී අලුත් කරුණු හෙළිවෙතැයි බියෙන් ආණ්ඩුව යම් යම් තාක්ෂණික කරුණු උපයෝගී කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව මගහැරීමට කටයුතු කරමින් සිටින බවයි.

මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගෙන ඊට මුහුණ දීමට ආණ්ඩුවට ශක්තියක් නොමැති බව ඔහු පෙන්වා දෙයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ යම් ආකාරයකින් මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීමට ආණ්ඩුව කටයුතු කළොත් ඒ අවස්ථාවේදී ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සූදානමින් සිටින බවයි.

අරුණ ජයසේකර මහතා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වුවද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විදේශගත වූ අවස්ථාවලදී වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර ඇති නිසා අරුණ ජයසේකර සම්බන්ධයෙන් මෙම විශ්වාසභංග යෝජනාව විසි කිරීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

තවද ඔහු පාර්ලිමේන්තුවට වගකියන ජනතා නියෝජිතයෙකු බැවින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට හැකි බවත් එම නිසා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හා අනෙකුත් කරුණු සලකා බලා මෙම විශ්වාසභංග යෝජනාව විවාද කිරීමට ආණ්ඩුව අනිවාර්යෙන්ම කටයුතු කළ යුතු බවයි මුජිබර් රහුමාන් පවසයි.